සභා ලේකම් කාර්යාලයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

අපගේ දැක්ම

දකුණු පළාත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන්නා වු මඟ පෙන්වීම සිදු කරන ප්‍රමුඛයා බවට පත්වීම.

අපගේ මෙහෙවර

දකුණු පළාත් මහජනතාවගේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික තිරසාර සංවර්ධනය ඇතිකිරීම සඳහා වූ උචිත පසුබිමක් පළාත් ව්‍යවස්ථාදායකය තුළින් ඇති කරලීම.

කාර්යයන් හා අරමුණු

දකුණු පළාතට යෝග්‍යවූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ප්‍රඥප්ති බලාත්මක කිරීම මාර්ගයෙන් හා පාර්ශවකරුවන් වෙත බලතල ලබා දීම මගින් දකුණු පළාතේ තිරසර සංවර්ධනය සඳහා දායක වීම හා ක්‍රියාත්මක කිරීම.

වැඩිදුර

පුවත් හා සිදුවීම

දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කටයුතු කළ මහේෂ් රාජිත කරුණානායක මැතිතුමා 2021.11.29 දින දකුණු පළාත් සභා ලේකම් ධූරයෙහි නිල වශයෙන් වැඩ භාරගන්නා ලදී.

වැඩිදුර

දකුණු පළාත් සභාව

ශ්‍රී ලංකාවේ ඓතිහාසික බලඅරගලයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද බලය විමධ්‍යගත කිරීමේ පියවරක් ලෙස ද 1987 වර්ෂයේ පළාත් සභා පිහිටුවීම දැක්විය හැකිය. ඒ අනුව 1988 පෙබරවාරි තුන් වැනි දින රජය නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් සෑම පළාතක් සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පළාත් සභාවක් පිහිටුවනු ලැබූ අතර ශ්‍රී ලංකාව තුළ පළාත් 09කට අදාළ පළාත් සභා පිහිටවූ අතර මුල්වරට ක්‍රියාත්මක වූයේ පළාත් සභා 08ක් ලෙසය. උතුරු පළාත හා නැගෙනහිර පළාත එක් කොට උතුරු නැගෙනහිර පළාත් සභාව ලෙස ක්‍රියාත්මක විය.


දකුණු පළාතේ පළමු පළාත් සභාව 1988.06.09 දින ආරම්භ වූ අතර එහි පළමු ගරු ආණ්ඩුකාරධූරයට පත්වූයේ එම්.ඒ. බාකිර් මාකර් මැතිතුමාය. ගරු ප්‍රධාන අමාත්‍ය ධූරය එම්.එස්. අමරසිරි මැතිතුමා විසින් දැරූ අතර ජී.ඩබ්. සෙනෙවිරත්න මැතිතුමා දකුණු පළාත් සභාවේ ප්‍රථම ගරු සභාපතිවරයා විය. 1993.03.16 දිනෙන් පළමු පළාත් සභාවේ ධූරකාලය අවසන් විය.


දෙවන පළාත් සභාව 1993.05.17 දින ආරම්භ වූ අතර 1993.12.31 දක්වා වූ කෙටි කාලයක් පැවතින. එහි ගරු ආණ්ඩුකාරධූරය දැරුවේ එම්.ඒ. බාකිර් මාකර් මැතිතුමා වන අතර ගරු ප්‍රධාන අමාත්‍ය ධූරය අමරසිරි දොඩංගොඩ මැතිතුමා විසින් දරන ලදි. මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා දකුණු පළාත් සභාවේ ගරු සභාපතිවරයා විය.


වැඩිදුර කියවන්න

රාජ්‍ය තොරතුරු කෙන්ද්‍රය

COVID - 19 UPDATE

PAGE VIWER ANALYZE

මහජන අදහස් සඳහා පහත QR කේතය හෝ සබැඳිය භාවිතා කරන්න

https://forms.gle/hT6MD3GJAB5djEeT9