දකුණු පළාත් අරමුදල් හා ගිණුම් පිළිබද කාරක සභාව

දකුණු පළාත් සභාවේ ස්ථාවර නියෝග අනුව කාරක සභා 08ක් ක්‍රියාත්මක වන අතර එයින් එකක් මෙම ගිණුම් පිළිබඳ කාරක සභාව වේ. මෙම කාරක සභාව පළාත් සභාව විසින් දරනු ලබන මුදල් වියදම් සම්බන්ධයෙන් මූල්‍ය විනයක් ඇති කිරීමත්, පළාතේ සංවර්ධන කටයුතු උදෙසා වියදම් සපයා ගැනීම් සඳහා පළාත් සභාව විසින් දෙනු ලබන අරමුදල් විසර්ජනය කිරීම දැක්වෙන ගිණුම් ප්‍රකාශ සහ කාරක සභාව ඉදිරිපත් කරනු ලබන වෙනත් ගිණුම්ද ඵ්වා පිළිබඳ විගණකාධිපති නිරීක්ෂණ වාර්තාව සමඟ පරීක්ෂා කිරීම හා අදාළ නිවැරැදි කිරීම් සඳහා නියෝග ලබාදීමත් මෙහි කාර්ය භාරය වේ.

    කාර්යයන්

01. වසරක් සඳහා කාරක සභා රැස්වීම් 12 ක් පවත්වන අතර වාර්ෂික විගණකාධිපති වාර්තාවේ සමස්ථ නිරීක්ෂණ හා මඟපෙන්වීම් සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇත‍.


02. දකුණු පළාතේ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවේ දැක්වෙන විගණන ඡේද සාකච්ජා කොට අදාළ ආයතන වෙත ගත යුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදු වේ.


03. සෑම මසකම හතර වන සතියේ සඳුදා දින ගිණුම් කාරක සභාව පැවැත්වෙන බව කාරක සභාවේ න්‍යාය පත්‍රය මගින් ගරු සාමාජික මන්ත්‍රිවරුන් වෙත දැනුම් දෙනු ‍ලැබේ.


04. පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් දරන ලද වියදම් සම්බන්ධයෙන් මූල්‍ය විනයක් ඇති කරයි.

    සමාජ ප්‍රතිලාභ

01. දකුණු පළාතට අදාළව ආයතනවල පවත්නා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කාරක සභාව මඟින් සාකච්ඡා කර ඒ සඳහා විසදුම් ලබාදීම.


02. පළාත් සභාව මඟින් පාලනය වන ආයතනවල කාර්යභාරය ඉටු කිරීමේ දි මූල්‍ය විනයක් මේ මගින් ඇති කිරීම.