දකුණු පළාත් පොදු පහසුකම් කාරක සභාව
දකුණු පළාත් සභාවේ ස්ථාවර නියෝග අනුව කාරක සභා 08 ක් ක්‍රියාත්මක වන අතර එයින් එක් කාරක සභාවක් පොදු පහසුකම් කාරක සභාව වේ.මෙම කාරක සභාව මගින් දකුණු පළාත් සභාවේ ගරු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද හා පහසුකම් ආරක්ෂා කිරීම හා ලබාදීම සිදුවේ.
කාර්යයන්
කාර්යයන්
01. වසරක් සඳහා කාරක සභා රැස්වීම් 06ක් පමණ පවත්වනු ලැබේ.
02. පළාත් සභාවේ සභාපතිවරයා විසින් මෙම කාරක සභාවේ සභාපති ධුරය දරන අතර මාස 02කට පමණ වරක් ඵක් රැස්වීමක් පවත්වනු ලැබේ. සභාපති ඇතුළු සාමාජික ගරු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු සාමාජික ධුරය ලබයි.
03. පළාත් සභාවේ මැති ඇමතිවරුන් විසින් ඔවුන්ගේ පහසුකම් සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්න මෙම කාරක සභාව මගින් නිරාකරණයට පහසුකම් සලසා ඇත.
සමාජ ප්‍රතිලාභ
සමාජ ප්‍රතිලාභ
01. දකුණු පළාතේ මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද හා පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටළු කාරක සභාව මගින් සාකච්ඡා කර ඒ සඳහා විසදුම් ලබාදීම.
02. මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද හා පහසුකම් සම්බන්ධයෙන් කාරක සභාවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියෙන් පසුව එකී වරප්‍රසාද / පහසුකම් ක්‍රියාත්මක කිරීම සිදු වේ.