දකුණු පළාත් සභා ස්ථාවර නියෝග කාරක සභාව
දකුණු පළාත් සභා ස්ථාවර නියෝග මාලාවේ රීතී අංක 94 යටතේ ස්ථාවර නියෝග කාරක සභාව පිහිටුවා ඇත. මෙම කාරක සභාව සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත වේ. දකුණු පළාත් සභාව පැවැත්වීමට අදාළ වන නීතී රීතී සැකසීම මෙම කාරක සභාව මගින් සිදු කරනු ලබයි.
කාර්යයන්
කාර්යයන්
01. දකුණු පළාත් සභාව පැවැත්වීමේදී අනුගමනය කරනු ලබන රීතී මාලාවන් කාලානුරූපී ලෙස යාවත්කාලීන කිරීම් සිදු කිරීම.
02. ස්ථාවර නියෝග කාරක සභාව මගින්, වරින් වර දැනට ක්‍රියාත්මක ස්ථාවර නියෝග සමාලෝචනය කිරීම.
03. අවශ්‍ය යැයි හැඟෙන යම් සංශෝධනයක් පළාත් සභාවට නිර්දේශ කිරීම.
සමාජ ප්‍රතිලාභ
සමාජ ප්‍රතිලාභ
01. සභා රැස්වීමේදී ඇතිවන ගැටළුකාරී තත්ත්වයන් අවම වීම.
02. සභාවේ වැඩකටයුතු විධිමත්ව හා නීත්‍යානුකූල බවකින් යුතුව පවත්වාගෙන යා හැකි වීම.
03. පළාත් සභාවේ සියළුම මන්ත්‍රීවරුන් නීතී රීතී හා අණපනත් පිළිබඳව දැනුවත් වීම හා එමගින් පුළුල් සේවයක් ජනතාව වෙත ලබා දීමට හැකි වීම.