දකුණු පළාත් සභා කාර්ය උපදේශක කාරක සභාව

දකුණු පළාත් සභා ස්ථාවර නියෝග මාලාවේ රීතී අංක 93 යටතේ කාර්ය උපදේශක කාරක සභාව පිහිටුවා ඇත. මෙම කාරක සභාව මගින් පළාත් සභාවේ කටයුතු විධිමත් කිරීම උදෙසා තීරණ ගැනීම සිදු කරයි. පළාත් සභා රැස්වීමේ දී නිශ්චිත කාර්යාංගයන් සාකච්ඡා කිරීම සඳහා කාලය වෙන් කර දීම පිළිබඳව හා සභාවේ කාර්යයන් ඉටු කිරීමට අදාළ වෙනත් කරුණු පිළිබඳව සභාපතිවරයාට උපදෙස් දීම සහ වරප්‍රසාදවලට අදාළව සභාවේ සභාපතිවරයා විසින් නිර්දේශයන් ලබාගැනීම පිළිබඳව යොමු කරනු ලබන කරුණු පිළිබඳව නිර්දේශ ලබාදීම සිදු කරයි. සාමාජිකයින් සංඛ්‍යාව 07 දෙනෙකි.

    කාර්යයන්

01. පළාත් සභාවට ඉදිරිපත් කරනු ලබන රජයේ කාර්යයන් පිළිබඳව නිර්දේශ ලබාදීම.


02. අවධිකාරක සභාව සඳහා ඉදිරිපත් කරන පෙත්සම් සඳහා නිර්දේශ ලබාදීම.


03. මහජන පෙත්සම්කාරක සභාව සඳහා ඉදිරිපත් කරන පෙත්සම් පළාත් සභා විෂයට අයත්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම.


04. මන්ත්‍රීවරු විසින් ඉදිරිපත් කරන යෝජනා, ප්‍රශ්න පළාත් සභා විෂයට අදාළද යන්න පරීක්ෂා කර බලා පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා අනුමැතිය ලබාදීම.


05. සභාවේ කාර්යයන් සම්බන්ධයෙන් වේලාව වෙන් කරදීම.

    සමාජ ප්‍රතිලාභ

01. පළාත් සභාවේ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වා ගැනීම තුළින් පළාතේ ජනතාවට ප්‍රශස්ථ සේවාවක් සැලසීමට හැකිවීම.


01. දකුණු පළාතේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කිරීම තුළින් ජනතාවගේ ගැටළුවලට සෘජු මැදිහත්වීමක් ඇතිවීම.


02. පළාත් සභාවේ අමාත්‍යාංශවල කටයුතු සිදු කිරීමේදි ඇතිවන නෛතික අනුමැතීන් ලබා ගැනීමට අවශ්‍ය වන කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම.